Monday, October 17, 2011

පශ්චාත්තාපය..!!!

     මා මළ පසු සොහොන් කොතේ හැපී හැපී ඇඩිල්ල හැර 
වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද නුඹට..???
  ටිකක් හිතපන් හෙමින් සැරේ..
මා ජිවත් වුනේ ....නොමැරී මැරුණේ..
විඳව්වේ මා වෙනුවෙන්ද නුඹ වෙනුවෙන්ද කියල...
හුදෙකලාවේ නිහඬව වේදනාව දරාගත්තේ මා වෙනුවෙන්ද කියල..

අසීමාන්තිකව නුඹ වෙනුවෙන් කැප වුන ජීවිතයකට..
මේ ලෝකේ තවත් ඉන්න දෙන්න වටින්නේ නැතිලු..
එහෙමයි කලින් දවසේ රෑ දෙයියෝ හීනෙන් ඇවිදින් මට කිව්වේ..
   දැන්වත් මට නිදහසේ යන්න දීපන් මගේ ලෝකෙට..
එහෙම එකක් තියෙනවද කියලවත් බලන්න...
 
         නුඹටත් වැඩිය මේ ලෝකේ කුරිරුයි කියල තේරුම් ගනින්..
නුඹ වෙනුවෙන් හෙලපු කඳුළු බිංදු පරිස්සම් කරලා තියල ඇති..
මතක ඇතුව අරන් පලයන්................................................!!!



Post Comment

10 comments:

  1. දැන් ඉතින් පසු තැවිලා මොනවා කරන්නද??

    ReplyDelete
  2. මනේ.. මංදා.. ගිනි කුරුල්ලාට මෙහෙම දෙයක් මතක් වුනේ එකසැරේම...

    "ටිකක් හිතපන් හෙමින් සැරේ..
    මා ජිවත් වුනේ ....නොමැරී මැරුණේ..
    විඳව්වේ මා වෙනුවෙන්ද නුඹ වෙනුවෙන්ද කියල...
    හුදෙකලාවේ නිහඬව වේදනාව දරාගත්තේ මා වෙනුවෙන්ද කියල.."

    මේ ගැන්බ නම් මටත් කියන්න දෙයක් නෑ අයියා..:( මොනා වුනත් ලස්සනයි..

    ReplyDelete
  3. @දිනේෂ් අයියා - හ්ම්ම්..පසුතැවෙන්න කලින් ඉඳලම හිතල බලල වැඩ කරන්නේ නෑනේ ගොඩක් මිනිස්සු..පස්සේ විඳවනවා..
    ගොඩක් ස්තුතියි අයියේ කමෙන්ට් ඒකට..මේ පැත්තට එන්න දිගටම..:)

    @හිතූ - එක තමයි හිතූ මාත් කල්පනා කරේ..එක පාරට මෙහෙම් හිතුනේ කොහොමද කියල..;)
    හැමදාම මිනිස්සුන්ට එක වගේ ජිවත් වෙන්න බෑනේ හිතූ..හැමදාම මිනිස්සු ලග සතුට,දුක විතරක් තියෙන්නේ නෑ..වෙනස් වෙනවනේ..:)
    ස්තුතියි හැමදාමත් වගේ දිරිමත් කරනවට..:)

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි....

    ReplyDelete
  5. . ජිවිතේ මහ අපුදුමකරයි නේද ලඟ තිබුණු දේවල් නැති වෙද්දී නේද අපිට ඒවායේ වටිනාකම දැනෙන්නේ

    ReplyDelete
  6. @තරුගේ ලෝකය - ගොඩක් ස්තුතියි..දිගටම එන්න මේ පැත්තේ..

    @අසරණයා - ඔව් සහෝ.. අපි ලග ඉන්නකම් අපිට කිසිම දේක අගයක් නෑ..එත එක අයෙත් අල්ලන්නවත් බැරි තරම් දුරකට ගියාම?? පුදුමාකාර දුකක් දැනෙන්නේ...
    මේක දැක්කම එක එක අයට එක එක ඒවා හිතෙන්න පුළුවන්..එත් මං අදහස් කරපු දේ ඔබට එහෙමම හිතිලා තියෙනවා.. :)

    එත් නිරමාණයක් උනාම ඕනෑම කෙනෙක්ට ඕනෑම විදියකට හිතන්න පුළුවන් නේ..:)

    ReplyDelete
  7. හ්ම්ම් ලොකු දෙයක්. ලොකු දෙයක් ගැබ් වෙලා තියෙන්නේ. හ්ම්ම් ජිවිතේ අපිට කියන්නේ එක්කෙනෙක් මත නොයෑපි ඉන්න කියලයි. එත් අපිට ඒ දේවල් කරන්න අමාරුයි.

    ReplyDelete
  8. ඉස්සල්ලාම මේ පැත්තේ ආවේ...අනේ ඔයාගේ පසුතැවිල්ලනේ ඉස්සල්ලාම දැක්කේ...:D

    කවි ටික ලස්සනයි.

    ReplyDelete
  9. @වර්ණා- හ්ම්ම්..ආදරේ උනත් තමන්ට දරාගන්න පුළුවන් මට්ටමකට කරන්න කියලයි කියන්නේ..ඒත් ඉතින් කියන තරම් ලේසි නෑනේ..:)

    @පොඩි කුමාරිහාමි - හොඳයි හොඳයි......ආවට ස්තුතියි!!!
    දිගටම එන්න..
    ඒක නෙවෙයි පොඩ්ඩි අක්කා මට අර සීන් ඒක කිව්වේ නෑනේ..:/

    ReplyDelete
  10. sewage and effluent treatment plants should be installed in industries, apartments,muncipalities and commercial complexes where water useage is high and reusability of water is requires

    ReplyDelete