Sunday, January 8, 2012

තවත් එක් සොඳුරු හමුවක්!!!



                    කවුරු කවුරුත් ආසාවෙන් බලන ඉඳපු තවත් එක දවසක ආරම්භය.. උදේ පාන්දරම නැගිටලා දත කට එහෙම මැදලා කාරිය මාත් ලෑස්ති වුනා කියමුකෝ ගාල්ලේ ස්ටෑන්ඩ් එකට යන්න.උදේට කාල බස් එකකට නැගගත්තා..බුදු අම්මෝ..කවදාවත් වක්වැල්ල පාරේ බස් එකක එහෙම එල්ලිලා යන්න වෙලා නෑ මට නම්..
                  
                    කොහොම  හරි ස්ටෑන්ඩ් එකට ඇවිත් කවුරුත් සෙට් වෙනවා කිව්ව පාලම උඩට ගියා..



ප්‍රාර්ථනා අක්කව ඈතදීම අඳුරගත්ත..ලඟට ගිහින් අඳුරන්න පුලුවන්ද අක්කේ කියල ඇහුවම උදේ පාන්දරම කිව්වේ නැතැයි අමාරුයි කියල..උදේ පාන්දරම මල නෝන්ඩිය..එතන එක එක විකාර කර කර ඉඳල කොළඹ උන් හරියට වෙලාවට වැඩ කියල දැනගත්ත නිසා අපි ගියා මාතර බස් එකක නැගල උණවටුනට  ;)..


එතනත් කට්ටියම බොරු කියා කියා පැය ගානක් හිටියා.එකා දෙන්න එතනටත් එකතු උනා..ටිකකින් කොළඹ ඉඳන්  ආපු බස් එක ආවා..අපි සෙට් එකත් කොහොම හරි ඒකටම පැටවිලා ගියා රුමස්සලට..
ජනරඟ අයියා ගියපු  බස් එක නම් ටොප් එකේ කන්ද ඇද්ද කියල තිබුනා....මං එත් බැලුවේ ඒ කොහොමද කියල.. :P

               ගියපු වෙලාවේ ඉඳල කට්ටියට ෆන් එක නම් උපරිමයි..හිමා නංගිට නම් බඩගින්න උපරිමයි.. :P
කට්ටිය ඉස්සෙල්ලම තමන්ව අඳුන්නල දීල ඉවර වුනා විතරයි  අපේ අතිජාත හිතමිත්‍ර අභියා අයියා ඈතුලු කස්ටිය සෙට් වෙලා ඉවරයි..:D

                        අපි ඉතින් ඔව්වට නෑනේ..පැත්තකට ගොහින් සින්දුවක් කියන්න පටන් ගත්තා කස්ටියම එකතු වෙලා..කස්ටිය කිව්වට හිමා නම් එතනත් ලැපක් වගේ එකක් දිග ඇරගෙන වැඩ..
අපේ බණ්ඩාරවෙල ඉඳං කටින් අලිගැට පේර අරන් ආපු යසියා එක්ක බර වැඩක....:P



                     

                        
                               කොළඹින් එන තව බස් එකක් පරක්කුයි කිව්වා නිසා ඒක එනකන් කස්ටිය එක එක විදියට ෆන් එක උපරිමෙන්ම ගත්තා..බොන උන් බිව්වා   (රංග අයියා ටික වෙලාවකින් බලනකොට පරණ ඔරු කබලකට හේත්තු වෙලා සැප නින්දක් දාගෙන හිටියා දැක්ක..මහන්සියට වෙන්න ඇති මගේ හිතේ..අධිවේගේ කොළඹ ඉඳං ගාල්ලේ ඇවිත් පට්ට මහන්සි ඇතිනේ..නැද්ද??)
..කන උන් කෑවා..365දවසෙම නාන්නේ නැති උන් නෑවා..අපි සින්දු කිව්වා...


                      කොළඹින් ආපු අනිත් බස් එක හීට් කරලා මග නැවතිලා කියල පස්සේ පොඩි මෑන් කිව්වා..ටිකකින් මාතලන් අයියත් සෙට් උනා අපිට..දවල් කෑම එකත් යන්තම් එතෙනට පාත් උන නිසා කස්ටියම කන්න ගියා කියමුකෝ....උදේ ඉඳං බඩගිනි කියා කියා කැගහපු හිමා ලා බත් එකෙන් බාගයක් වාසනාවන්ත බල්ලෙකුට දුන්නනේ...

                  එතකොට තමයි පොඩි මෑන්ල ජිල්බිරිස් එකක් දාල බස් එකක් සෙට් කරලා අර අනිත් බස් එකේ ඉඳපු සෙට් එක එතනට ගෙන්න ගත්තේ...දවල් කෑමෙන් පස්සෙත් තම තමන්ගේ ෆන් එක කන්ටිනියු කරගෙන ගියා කස්ටියම...

             අපේ සිහිනයා ගලක් උඩ ඉඳං පැනල ගත්ත ෆොටෝ එකක් නිසා කස්ටියටම එහෙම පනින්න ඕන උනේ නෑ... අපේ ජනරඟ අයියා එහෙම පැනල හොම්බ දණහිසේ ඇන ගත්තෙත් නෑ...

              
               සේරම අය එක එක ජාතියෙන් බයිලා කරලා ෆන් එක අරන් ඉවර වෙලා කොළඹින් ආපු අය යන්න වෙලාව හරි නිසා පොඩි මෑන් කස්ටියම එකතු කරා..හප්පා...මාර ජවනිකාවක් දැකගන්න ආසාවෙන් තමයි එතනට ගියේ...මන්තරකාරී අක්කා කෙල්ලෙක් උනොත් පොඩි මෑන් හැමෝම ඉස්සරහ එයාට වඳිනවා කිව්වනේ...
කස්ටියම වට උනාට පස්සේ මූ කිව්වේ නැතැයි මන්තරකාරී කෙල්ලෙක් උනොත් වඳිනවා කියලයි මන කිව්වේ..ඒක හරියටම දන්නේ නැනේ.පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියල..මල මගුලයි..
අක්කට නම් පොලොව පලන් යන්න හිතෙන්න ඇති...

               අභියා අයියා මැද්දට පැනල කිව්වා මෙයා කෙල්ලෙක් බව ඕන කෙනෙක්ට පේනවනේ..හරි එහෙම නෑ කියන කෙනෙක් කියපන් කියල...පොඩි මෑන් වැඩිය නොන්ඩි උනේ නෑ.:P
 එත් ඉතින් මූ ගල් ආඳා නේ..
මූ කියපි මං කිව්වේ හැමෝම ඉස්සරහ වඳිනවා කියලනේ..මෙතන හැමෝම නැනේ..එහෙම හැමෝම ආපු දවසක මං වඳින්නම් කියල මූ ලිස්සල ගියා..
           
            පස්සේ කව්රුත් විසිර  යන්න පටන් ගත්තා..කොළඹ අය එහෙ ගියා..බෙන්තර ගඟෙන් මෙහා සෙට් එක ගෙවල් බලා ගියා..
         
              කොහොම කොහොම හරි අඳුරන්නේ නැති අය අඳුරගත්ත,අලුත් යාලුවෝ ගොඩක් ජීවිතේට එකතු උන,පට්ටම ෆන් එකක් ගත්ත,තව තව ගොඩක් දේවල් වෙච්ච දවසක් දැනෙන්නේවත් නැතුව පුදුම වේගෙකින් ගෙවිල ගියා..ආයෙත් කවද මෙහෙම සෙට් වෙන්නද?? එහෙම පට්ටම සිරා දවසක් එනකන් ඇඟිලි ගනිමින් ඉන්න තමයි වෙන්නේ..ආපු යාළුවො හැමෝම ආදරෙන් මතක් කරනවා.. නොආපු කස්ටියත් ඊළඟ පාර අනිවා ඩෙෆා එන්න හිතාගන්න හොඳේ???


පොඩ්ඩා,බනියා,කිඩෝ ඇතුළු ඕගනයිසින් කොමිටයටත් මේවගේ පට්ට ෆන් එකක් ගන්න චාන්ස් එකක් හදල දුන්න එක ගැන අපේ බලවත් මෙව්වා එක පුද කරනවා!!!
         
             එහෙමනම් කාට කාටත් ජයවේවා!!!!
               
   ප.ලි
          අතිශය කාර්යබහුලවාතාවරණයක් මැද ඉතා කෙටි පොස්ටුවක් දැමීමට සිදුවීම පිලිබඳ සමාව බාජනෙකට දාන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Post Comment

22 comments:

  1. අපිටත් එසේම ෆන්යැ.. :D

    ReplyDelete
  2. aparade mata enna barh une..awlak na. Cyber festival ekata enawa!

    ReplyDelete
  3. ආ ඩෝ.... කවුද ගල් ආදා ??

    ReplyDelete
  4. නියමයි.. කට්ටියගෙම සතුට මේ අකුරු වලින් අද වින්දා..

    ReplyDelete
  5. හහා......
    සුපිරි ය...

    ReplyDelete
  6. උඹ මට මඩ ගැහුවා වැඩියි ගිනි අලියා..හිටපිය මම දානවා තව පෝස්ට් එකක් උඹ හැඳිගෑවෙන්න..එල එල

    ReplyDelete
  7. හයියෝ ගත්ත ෆන්ස් එක කියලා වැඩක් නැත.. පොඩි මෑන්ගෙ කූජීත කම හෝදන්නට තැනක් නැත. පට්ටයි ඈ..

    ReplyDelete
  8. ලබන පාරවත් එන්න ඕනෙ අප්පා.... :(((

    ReplyDelete
  9. @බනියා- එලම තමයි..අපරාදේ හැබැයි..ඊළඟ පාර වත් මේ ගේට්ටුව සෙට් කරපු පිනෙන් උඹට කෙල්ලෙක් සෙට් වේවා යයි හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරන්නෙමු!!!

    @නජාත් - එකනේ බන්.. මං උඹට කිව්වනේ ශේප් එකේ වරෙන් අවුලක් නෑ කියල..දන ඉතින් මක් කොරන්නෙයි??
    ඊළඟ පාරවත් අනිවා වරෙන්...
    (ඔය කිව්වට මට එන්න වෙයිද දන්නේ නෑ :D)

    @පොඩි මෑන් - උඹ නෙවෙයි බන් ගල ආඳා..
    එක නෙවෙයි.උඹේ විමංසා ටිකක් ආඩම්බරයි
    වගේනේ?? ;)
    @දිනේෂ් අයියා- ඔව් ඔව් අයියේ...ඊළඟ පාර කොහොම හරි සෙට්වෙමු හොඳේ?

    @පවනි තරංගා අයියා- :P එල එල...

    @ජනරඟ අයියා- ඇයි යකෝ එක පෙලියයි මඩ පාර තියෙන්නේ ..ඒකත් වැඩිද???
    :D

    @සිහින යා - යා යා ...පට්ට පට පට...
    උඹ හින්ද තමයි මං සිංහලෙන් මෙහෙම කොටන්නේ..තැන්කු..

    @නිසුපා අක්කා - අනිවා එන්න අක්කේ..:)

    ReplyDelete
  10. ගොඩාක් යාළුවො අදුනගත්ත ලස්සන දවසක්,.

    ReplyDelete
  11. මරු මරු,ගින්දර වගේ..........

    ReplyDelete
  12. අනේ සෝයි කුරුල්ලා.. අපිට මඩ නෑ.. හි හි..!!! බලං ගියාම කොකෙත් තියෙන්නෙ එකම මඩ ටික නේ!!!

    මොනා උනත් මාරයි නේ..!!!

    ReplyDelete
  13. ජීවිතේ ගෙවුනු දවස් වලින් ගොඩක්ම ලස්සන දවසක්.......

    ReplyDelete
  14. හී හී... මට මඩ නැතෝ,.. හුරේ ... ජය වේවා...

    ReplyDelete
  15. අනේ මන්දා මල්ලි හිටියද??? මම දැක්කේ නෑ නේ ඇත්තට.. :O

    ReplyDelete
  16. මට නම් අර එන්න පරක්කු උන සීන් එක ඇර අනික් ඔක්කොම සුපිරිවටම තිබ්බා.
    කලින් ආවනම් තව ෆන් ගන්න තිබ්බා කියලා හිතෙනවා.

    කෝ උඹ ඉන්න පොටෝවක් පෙන්නපන් මලයා.

    ReplyDelete
  17. @වර්ණා- සිරාවටම..:)

    @චිරාන් - ගිනි කුරුල්ලද ගින්දර වගේ කිව්වේ??
    ;)

    @හිතූ - ලබන පාර වත් අනිවා එන්නකෝ..(හැබැයි මං ගැන නම් ෂුවර් කරන්න බැරි පාටයි..:((( ...)

    @ආගන්තුකයා- සිරාවටම උඹට මඩක් ගහන්න සෙට් උනේ නෑනේ මලයෝ..

    @සඳ කිඳුරා- හ්ම්ම්...එහෙම එව්වයින් එකක් තමයි..

    @ප්‍රාර්ථනා අක්කා - ඒ උනාට අක්කියා නම් මට හීනියට මඩ පාරක් ගහල තිබුනනේ??? ;)

    @චතු මිතු - හපොයි...මාර සීන් එක..:O
    මං තමයි ඔය කොළ පාට ඉරි ෂර්ට් එක ඇඳන් ඉන්නේ,,මතක නැද්ද අප්පා??

    @නාකියා - ඒකනේ..මං තමයි කොළ ඉරි ෂර්ට් එක ඇඳන් ඉන්නේ අයියේ..

    ReplyDelete
  18. ගිනි කුරුල්ලා ගින්දර වගේ ලියල තියෙන්නෙ සිද්ධිය.. ඔන්ට ටිකක් පරක්කු වෙලා හරි කිය්වන්ට ආවා..දැන් තමා බණ්ඩාරවෙලට සැපත් උනේ.. කලින් ඇවිල් ෆලෝ කොරලා ගියෙ :D හදුනාගැනීමට ලැබීම සතුටක් සහෝ!

    ReplyDelete
  19. සිරාවටම...උඹනේ ඉතින් ඉස්සෙල්ලම ගෙදරින් පිටත් උනේ මේකට සෙට් වෙන්න..
    එල එල..ජයවේවා!!!!

    ReplyDelete
  20. හිමා නංගිට නම් බඩගින්න උපරිමයි.. :P
    කව්ද අෆ්ෆා මේ හිමා.හැම එකාම ලියලා තියෙනවා ඒ කෙල්ල ආපු වෙලාවෙ ඉදන් බඩගිනි කිව්වා කියලා.පව් නෙ ඔයාලවත් කන්න අරන් දුන්නෙ නැද්ද අය්යේ

    ReplyDelete
  21. අපිටත් ළඟ පාතක හිටියානම් සෙට් වෙන්න තිබුණා...බලමු ඊළඟ එකටවත්...
    // කස්ටියම වට උනාට පස්සේ මූ කිව්වේ නැතැයි මන්තරකාරී කෙල්ලෙක් උනොත් වඳිනවා කියලයි මන කිව්වේ..ඒක හරියටම දන්නේ නැනේ.පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න කියල.. පට්ටයි ඈ....

    ReplyDelete