Saturday, September 3, 2011

ආදරෙයිද හැමදාමත්??

........මං එදා ඇඩුව හැටි මට තාම හොඳට මතකයි...කවදාවත් නැති විදියට..ඒකට අඬනවා කියන්න බැරිද මන්දා...
එක කඳුළු බිඳුවක්වත් ඇස දෙකෙන් පහලට කම්මුල් දිගේ ගලාගෙන නොගිහින් බලෙන්ම වගේ රැඳිල ඉඳපු හැටි....ඒ කඳුළු බිංදු වල තිබුන වේදනාව දරාගන්න බැරුව ඇස් දෙකත් රිදුන හැටි..කවදාවත් අමතක වෙන්නේ නෑ.. 
පපුව ඇතුලෙන් කවුරුහරි හදවත තද කරලා අල්ලාගෙන ඉන්නවා වගේ මහා වේදනාවක් දැනුන හැටි...
වරද තියෙන්නේ ආදරේද?? නැත්නම් ඒක කරන විදියේද?? නිමක් නැති ප්‍රශ්න ගොන්නකින් හිතම පිරිලා....
මොහොතකට මට හිතුනා මං ජිවත් වෙන්නේ ආදරේ නිසා කියල...............!!!!!!!!!!!!!

ජිවිතේ කියන්නේ බලාපොරොත්තු ගොන්නක්..එහෙම නේද???

Post Comment

10 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඔව්.. බලාපොරොත්තු ගොන්නක්.... ජීවත් ව්එන්න බලාපොරොත්තු ඕනෙ..

    ReplyDelete
  2. හ්ම්ම්.. කඳුළු එන්නේ නැති වුනත් වේදනාව දරාගන්න බැරි වෙලාවල් තියෙනවා මල්ලියො.. කඳුළු ගලන්නේ නැති තැනදි හදවතට දැනෙන වේදනාව වැඩියි,. හිතේ හිරවුන දෙයක් එළියට පැනගන්න බැරුව දඟලනකොට දැනෙන වේදනාව දරාගන්න අමරුයි..
    ජීවත් වෙන්න නම් අපිට බලපොරොත්තු තියෙන්නම ඕනේ.. නත්නම් ජීව්තෙත් හරියට හබලක් නැති ඔරුවක් වගේ..

    ReplyDelete
  3. හ්ම්....වෙන්න ඇති මල්ලියෝ...ඔය වේදනාවම මාත් ඊයේ වින්දා...ඇස් වල හිර වුන කඳුළු නිසා ඇස් දෙක පුපුරු ගහද්දි, වේදනාව නිසා පපුව රිදෙද්දී.....ඔය හැඟීම එහෙමම මටත් දැනුණා....බලාපොරොත්තු පොදි බැඳගෙන යන මේ ජිවිතේ එකම එක පුංචි බලාපොරොත්තුවක් හරි බිඳෙනවා කියල දැනුණ හැටියේ ඇති වෙන වේදනාව.......හ්ම්......ජිවිතේ කියන්නේ මේකටද...ආදරේ කියන්නේ දුකක් විතරමද....අනේ මන්දා

    ReplyDelete
  4. @හිතුවක්කාරී - ගොඩක් ස්තුතියි නංගියෝ මේ පැත්තේ ඇවිත් ලස්සන අදහස් එකතු කරාට..:))

    @ප්‍රාර්ථනා - ඔයත් ඉතින් හැමදාම එනවනේ මේ පැත්තේ..ගොඩක් ස්තුතියි අක්කියෝ..ඔයාටත් ඔය වේදනාව හොදට හුරුයි කියල මං දන්නවා..දුක් වෙන්නෙපා..හැමකෙනෙක්ටම දවසක් එනවා..!!

    @සිනි අක්කා - ඇයි අක්කේ ඔයාට මොකද උනේ?? ආදරේ නිසාද ඔයාටත් එහෙම උනේ??
    ආදරේ කියන්නේ දුකක් නෙවෙයි අක්කේ..ඒක මුළු ජීවිතේම වගේ..ටිකක් හිතන්න ආදරේ නැති උනා නම් අපි කොතනද කියල..?
    උපදිනකොටම අම්මාගේ ආදරේ නැති උන ළමයෙක්ට ජිවිතයක් තියෙනවද??

    ReplyDelete
  5. ජීවිතේ කියන්නේ බලාපොරොත්තු ගොන්නක්.....අපි ජීවත් වෙන්නෙ ඒ බලාපොරොත්තු නිසා කිව්වොත් හරි.....ජීවත් වෙන්න ආදරය ඕන.නමුත් ආදරේ හිතෙ තියාගෙන ඉදලා වැඩක් නෑ.දැනෙන්න ආදරේ කරන්නෙ නැත්නම්....කවුරු උනත්....විශේෂයෙන්
    කිට්ටුම අයගෙ ආදරය ලැබෙන්නෙ නැති උනාම දැනෙන වේදනාව....

    ReplyDelete
  6. ආදරේ කියන්නේ ගින්දරක් මලයෝ... ආදරේ කරන විදිහෙයි ආදරේ ලබන විදිහෙයි නෙවයි මලයෝ වැරැද්ද.. වැරැද්ද තියෙන්නේ අපේ හිත වල.. අපේ හිත් ඒ ඒ දේවල් පිළිගන්න හැටි.. අපේ හිතට වාවාගන්න පුළුවන් ප්‍රමාණය අනුව ටමයි එව්වා තීරණය වෙන්නේ.. මමත් ආදරේ නිසා බලු වෙන්න පුළුවන් උපරිමේටම බලු වෙච්ච් ..,, අඩන්න පුළුවන් තරං අඩපු එකෙක්..

    ජය,,

    ReplyDelete
  7. "මොහොතකට මට හිතුනා මං ජිවත් වෙන්නේ ආදරේ නිසා කියල...............!!!!!!!!!!!!!"

    මේ කතාවෙ ඇත්තක් තියනවා. ඒත් ආදරේ අපිව ජීවත් කරාට ජීවිතේ කියන්නෙ ආදරේම නෙවෙයි..

    ReplyDelete
  8. ඔව් යාළුවා ජීවිතේ කියන්නේ බලාපොරොත්තු ගොන්නක්.. එකක් නැති වෙද්දි තව බලාපොරොත්තුවක් අපේ ජීවිතේට එනවා...

    ReplyDelete
  9. අන්තිමට කියපු එකට මාත් එකඟයි මල්ලි...

    ReplyDelete
  10. @සඳුනි - හ්ම්ම්..සම්පුර්ණයෙන්ම එකඟයි..:)
    දිගටම එන්න..ස්තුතියි මේ පැත්තේ ආවට..

    @ ගයාන් - ස්තුතියි අයියේ මේ පැත්තට ආවට...ඇත්ත..ඒත් අදරේදී හිතට වාවගන්න පුළුවන් තරම අනිත් වෙලාවට වැඩිය ගොඩක් අඩුයිනේ???
    අත්දැකීම් වලින් මට නම් එහෙමයි තේරුනේ..

    ජයවේව!!
    දිගටම එන්න..

    @හංසි - හ්ම්ම්...ඒත් මේ වගේ වෙලාවලට ඔහොම හිතල ප්‍රශ්නේ මග අරින්න වත පුළුවන් නම් කොච්චර දෙයක්ද??
    ආදරේ බොළඳයි කියන්නේ නිකන් නෙවෙයිනේ..

    ස්තුතියි හංසි මේ පැත්තේ ආවට..

    @දිනේෂ් - :))..ඒකනේ අපි ජිවත් වෙන්නේ..
    ජිවිතේ කියන්නේ බලාපොරොත්තු සහ බැඳීම් විතරි කියල මට හිතෙන්නේ..
    ස්තුතියි ආවට..දිගටම එන්න..

    @රවින් - හ්ම්ම්..අයියටත් අත්දැකීම් තියෙනවා වගේ..;)
    දිගටම එන්න..ස්තුතියි ඇවිත් කමෙන්ට් කරාට..:)

    ReplyDelete