Showing posts with label ආදරය.... Show all posts
Showing posts with label ආදරය.... Show all posts

Friday, June 22, 2012

ආදරය සහ ජීවිතය!

                        ආදරය..........! කවද කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක්ද? 
කෙනෙක් කියයි "ආදරය හරිම සුන්දරයි, ආදරේ නැතිතැන ජීවිතයකුත් නෑ" කියල. ඇත්ත! පුංචි කාලේ ඉඳල කෙනෙක් ලොකු මහත් වෙලා අන්තිමේ පොලවට පස් වෙනකම්ම හැම කෙනෙක්ම කොච්චර ආදරේ ලබනවද?...  

                       මුලින්ම අම්ම තාත්ත, සහෝදර සහෝදරියෝ, ඊට පස්සේ නෑදෑයෝ, යාළුවො,... තවත් ටික කාලෙකින් තමන්ගේ ජීවිතේට ඉතා සුවිශේෂ වුන අදරවන්තියක් හෝ ආදරවන්තයෙක්ගෙන ලබන ආදරේ..තවත් ටික කාලෙකින් තමන්ගේම දරුවෝ,,
මේ හැම තැනකම තියෙන්නේ ජිවිතේ ජිවත් කරවන ආදරේ.....


මේ දේවල් ටික ඔහේ කියාගෙන ගියේ කල්පනා කරද්දී ආපු හැඟීම් නිසා.. ආදරයේ සුවිශේෂත්වය දැනුන මොහොතක..

පුරා වසරක් මා සමග අත්වැල් බැඳ ආදරය,දුක,සතුට,සිනහව,කඳුල... හැමදෙයක්ම රඳවාගෙන පැමිණි එක් සුවිශේෂී අයෙකු වෙනුවෙන් මේ සිතුවිල්ල ආදරයෙන් පුද කර සිටිමි! :)

සොඳුරු සිනහවෙන් මුවග සරසා..
කෙමෙන් පා තබා මා වෙත..
පැමිණියා නුඹ මදකුදු පමානොව..

ඝන අන්ධකාරයෙන් වෙලෙමින් තිබූ...
නිහඬ නිසල ජිවිත නිවහන...
එලිය කරා නුඹ එක් රාත්‍රියක..

සදා නොවෙනස් බැඳීම් ගොන්නක්..
මා වෙත තබා නිහඬවම..
බලා සිටියා නුඹ වසාගත් දෙනෙතින්...
සුපුරුදු සිනහවෙන් මා සනසා..

ආදරෙයි මං හැමදාමත්...
<3



කුමුදුනිය ඔබයි මගේ-
කුමුදුනිය ඔබයි මගේ
පිපුණු හද විලේ කුමුදු මල මගේ 
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ................ 

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය සොඳුරු විජිතයේ

Post Comment

Monday, October 17, 2011

පශ්චාත්තාපය..!!!

     මා මළ පසු සොහොන් කොතේ හැපී හැපී ඇඩිල්ල හැර 
වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද නුඹට..???
  ටිකක් හිතපන් හෙමින් සැරේ..
මා ජිවත් වුනේ ....නොමැරී මැරුණේ..
විඳව්වේ මා වෙනුවෙන්ද නුඹ වෙනුවෙන්ද කියල...
හුදෙකලාවේ නිහඬව වේදනාව දරාගත්තේ මා වෙනුවෙන්ද කියල..

අසීමාන්තිකව නුඹ වෙනුවෙන් කැප වුන ජීවිතයකට..
මේ ලෝකේ තවත් ඉන්න දෙන්න වටින්නේ නැතිලු..
එහෙමයි කලින් දවසේ රෑ දෙයියෝ හීනෙන් ඇවිදින් මට කිව්වේ..
   දැන්වත් මට නිදහසේ යන්න දීපන් මගේ ලෝකෙට..
එහෙම එකක් තියෙනවද කියලවත් බලන්න...
 
         නුඹටත් වැඩිය මේ ලෝකේ කුරිරුයි කියල තේරුම් ගනින්..
නුඹ වෙනුවෙන් හෙලපු කඳුළු බිංදු පරිස්සම් කරලා තියල ඇති..
මතක ඇතුව අරන් පලයන්................................................!!!



Post Comment

Saturday, September 3, 2011

ආදරෙයිද හැමදාමත්??

........මං එදා ඇඩුව හැටි මට තාම හොඳට මතකයි...කවදාවත් නැති විදියට..ඒකට අඬනවා කියන්න බැරිද මන්දා...
එක කඳුළු බිඳුවක්වත් ඇස දෙකෙන් පහලට කම්මුල් දිගේ ගලාගෙන නොගිහින් බලෙන්ම වගේ රැඳිල ඉඳපු හැටි....ඒ කඳුළු බිංදු වල තිබුන වේදනාව දරාගන්න බැරුව ඇස් දෙකත් රිදුන හැටි..කවදාවත් අමතක වෙන්නේ නෑ.. 
පපුව ඇතුලෙන් කවුරුහරි හදවත තද කරලා අල්ලාගෙන ඉන්නවා වගේ මහා වේදනාවක් දැනුන හැටි...
වරද තියෙන්නේ ආදරේද?? නැත්නම් ඒක කරන විදියේද?? නිමක් නැති ප්‍රශ්න ගොන්නකින් හිතම පිරිලා....
මොහොතකට මට හිතුනා මං ජිවත් වෙන්නේ ආදරේ නිසා කියල...............!!!!!!!!!!!!!

ජිවිතේ කියන්නේ බලාපොරොත්තු ගොන්නක්..එහෙම නේද???

Post Comment