Sunday, July 24, 2011

ආගන්තුකයාගේ බ්ලොග් ආගමනය සහ තවත් කතාවක්!!

කාලයකට ඉහතදී විජය පරිගණක සඟරාවක තිබුන ලිපියකින් බ්ලොග් කියන  වචනය මුලින්ම අහපු මට ඒ ගැන එච්චර වගක් තිබුනේ නෑ.ඒ කාලේ අර ඉස්කෝලේ යන හැම ළමයෙක්ම වගේ දුවපු රේස්‌ එකේ මාත් දුවපු නිසා වෙන්නැති සමහරවිට...පස්සේ දවසක ඒ ලිපිය ආයෙමත් අහම්බෙන් වගේ හම්බවෙලා කියෙව්වම ඒකෙ තිබුනේ බ්ලොග් කියන්නේ ඕනෑම කෙනෙක්ට නිදහසේ පවත්වාගෙන යන්න පුළුවන් තමන්ගේ පොද්ගලික දිනපොත වගේ වෙබ් අඩවියක් කියල අදහසක්....
කොහොම හරි ඉතින්  ඕක සම්පුර්ණයෙන්ම අමතක වෙලා ඉන්න අතරේ තමයි ඉස්කෝලේ යන කාලෙත් එකට ඉඳපු යාලුවෙක් පටන් ගත්තේ බ්ලොග් එකක් ලියන්න.මේ තියෙන්නේ ඒ බ්ලොග් එකට යන පාර.ඒක කියවන්න ගියාම තමයි වැඩේ පොඩි ෆන් එකක් තියෙනවානේ කියල හිතුනේ.මොකද තමන්ගේ අදහස් උදහස් වගේම නිර්මාණ සියල්ලක්ම වගේ පාඨකයා අතරට ගෙනියන්න පුළුවන් ලේසිම විදියක්නේ.


කොහොමහරි ටික දවසකින් කැම්පස් එකත් නිවාඩු දුන්න ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා..(ඒකෙ හැමෝටම පෙනන පැත්ත සහ නොපෙනෙන පැත්ත ගැනත් පසුව දෙයක් ලියන්නම්.)
එහෙම අහම්බෙන් ඔලුවට කඩන්වැටුන පරණ පින නිසා ආයෙමත් බ්ලොග් අවකාශයේ හොඳ හැටියට රවුම් ගහන්න පුළුවන් උනා.කොහොමත් ඉතින් නිවාඩුවක් ලැබෙනවා කියන්නේ අපි කොච්චර ආසාවෙන් ඉන්න දෙයක්ද කියල දන්න අය දන්නවනේ..:D


එහෙම කියවන්න පටන් ගත්ත බ්ලොග් වලින් සෑහෙන්න ප්‍රමාණයක් හිතට අල්ලපු ඒවා තමයි තිබුනේ.ඒ වගේ බ්ලොග් වලට පිස්සු වැටුන කෙනෙක් දන්නවා ඇතිනේ ඊළඟට මොකද්ද හිතෙන්නේ කියල..:)
ඒ ඉතින් මටත් මෙහෙම ලියන්න තියේනම් කියන එක තමයි..
අන්තිමට ඉතින් මමත් කරේ එහෙම හිතුන ගමන් බ්ලොග් එකක් හදපු එක.ඒත් ඉතින් බ්ලොග් එකේ දාන්න දෙයකුත් තියෙන්න එපැයි.
ගොඩක් වෙලාවට කල්පනා කර කර ඉන්න අතරේ හිතට එන ලස්සන අදහස් වගේම අමුතු අදහස් ඒ වෙලාවෙම කොලයක ලියලා පොඩි සටහනක් දාල තිබුන නම් කියල හිතුනේ එවෙලෙ.


අන්තිමට බ්ලොග් එක හදලත් ගොඩක් දවස්‌ යනකම් මුකුත් ලියන්නේ නැතුව කියව කියවම හිටියා..:)
දැන් තමයි ඔන්න ලියන්න පටන් ගත්තේ.
මේක මගේ පළමුවෙනි පොස්ට් එක නිසා කියවල හිතට එන හැමදෙයක්ම කියන්න කියල ආදරෙන් ඉල්ලනවා.ඕනෑම අදහසක්,යෝජනාවක් කියන්න.හරි නැත්නම් එහෙම හරි කියන්න.විශේෂයෙන් අඩු පාඩු කියනවනම් ලොකු දෙයක්.:)


පළවෙනියටම ලියන්න හිතුනේ අපි කාටත් කවදාවත් අමතක වෙන්නේ නැති කවුරුත් ආදරේ කරන දෙයක් ගැන.


අම්මගේ ආදරේ.


 අති බහුතරයක් කවියන්ට,ගීත රචකයන්ට වගේම සියලුම විදියේ කලාකරුවන්ට සොබාදහම විසින් ලබාදුන් අපූර්ව වස්තු බීජයක්.
භාෂාව,ජාතිය,ආගම,සංස්කෘතිය වගේ විවිධ වෙනස්කම් සහිත මිනිසුන්ට පොදු දෙයක් උන ඒ ආදරය සෙනෙහස ගැන තැනුන නිර්මාණ අනන්ත ප්‍රමාණයක් ඇති.
ඒ විදියට ලියවුන තවත් එක සිංහල ගීතයක් ගැනයි මේ කතාව..
සමහර අය අහල නැතුවත් ඇති.එහෙම නම් හොයාගෙන හරි අහන්න වටිනා ගීතයක්.නිකන්ම අහනවට වැඩිය මේක රස විඳලම බලන්න ඕන.
ගීතය තමයි විශාරද නන්දා මාලනිය ගයන චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්....
 කවුරුත් අහල තියෙන ජාතියේ දරු නැළවිලි ගීයක් නම් නෙවෙයි මේක.බොහොමයක් එවන් ගීත ලියල තියෙන්නේ ලස්සන අපූරු ලෝකයක් මැවෙන විදියට සහ අහගෙන ඉන්නකොට සනීපෙට නින්ද යන විදියේ මිහිරි තනුවකට අනුවනේ.මේකත් ඉතින් තනුව ගත්තම නම් අහන් හිටියම අපිට උනත් නින්ද යන තරම් ලස්සන මිහිරි තනුවක්..:D






මේ විශිෂ්ට නිර්මාණයේ රචකයා මහින්ද අල්ගම මහතා..එදා මෙදාතුර ලියවුන ඉහලම ගණයේ දරු නැළවිලි ගීයක් කියල පිළිගැනීමක් තියෙනවා මේ නිර්මාණයට..රසවිඳලම බලන්න...



         ගීතයේ මුල් පද පේලි මෙහෙමයි.
චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන් 
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....


අනිත් හැම ගීත රචකයෙක්ම වගේ ඔය වගේ උදාහරණයක් කියල තියෙනවනම් තියෙන්නේ සුරංගනාවෝ ඇවිත් පුංචි දරුවාව නලවන, දරුවා නලවන්නට මිහිරි ගීත ගයන ලස්සන පරිසරයක් අපේ හිත වල ජනිත කරවන අයුරින්..
ඒත් මේකේ එය දක්වන්නේ වෙනස් විදියකට..අම්මාගේ ළයාන්විත මිහිරි හඬින් ගයන ගීත තරම් අනික කිසිවක් සුන්දර නැති බව ඔහු අම්මාගේ වචන වලින්ම කියනවා..
වක්‍රව කියන්නේ අම්මා තරම් වටින සුරංගනාවියක් දරුවට ඉන්නවද? :)


ඊළඟ පද පේලි ටිකත් අහන්න..


රන් තැටියක කිරි පැණි පුරවාගෙන 
හඳහාමි  දූ බලන්න එනවලු 
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමි කෙලෙසද මෙහි එන්නේ..


කිරි මුට්ටිය නුඹේ ගඟේ ගියාලු
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ  ..




චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන් 
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....

රන් තැටියක කිරි පැණි පුරවාගෙන හඳ හාමි එනවලු පුංචි පැටියව බලන්න..එහෙමයි අනිත් අය කියන්නේ.
ඒත් මේ අම්මා කියන්නේ හඳ හාමි කොහොමද දුවේ මෙහෙට එන්නේ..
මට හිතෙන විදියට නම් රචකයාට අනුව, අම්මා තරම් දරුවෙකුට ජිවිතයට ආලෝකය දෙන හඳක් තව කොහෙන්ද?
:)

අවසානයේ කියන්නේ කිරි මුට්ටිය ගඟේ ගියා, ගඟට උඩින් කිරි කොක්කු ගියාලු කියන කතාත් අහන්න එපාලු..කවුරුවත් පුංචි දුවට කිරි ගෙනත් දෙන්නේ නෑනේ.
අම්මනේ තමන්ගේ පුංචි පැටියට ලේ කිරි කරලා දෙන්නේ..

ඇත්තටම පුංචි දරුවෙකුට තමන්ගේ අම්මා,තාත්තා තමයි මුළු ලෝකයම වෙන්නේ.මේකේ කියවෙන්නේ අම්ම ගැන.ලස්සන සුරංගනාවියෝ,හඳ හාමි ..මේ හැමදෙයක්ම අම්මාගේ ලග තියෙනවා.අම්මාගේ ආදරේ ඒ තරම් උතුරා ගලා යනවා..
මේ විදියට අම්මව අගය කරන විදියේ මිහිරි නාදයක් දරුවට ඇහෙනකොට ඒවා සදාකාලිකවම ඒ පුංචි හිතේ තැන්පත් වෙනවත් ඇති..
මෙහෙම තමයි මේ අපූර්ව ගීතය ගැන මට හිතෙන්නේ..

ඔබේ අදහසත් කියලම යන්න....

Post Comment

26 comments:

  1. අහ්හ් සුබෝධ අය්යගෙ බ්ලොග් එක දෑන් නෑ වගේ,හොදයි හොදයි දිගටම ලියන්නකෝ අය්යෙ.මම නම් මුලින්ම ලිව්වෙ තාත්ත ගෑන.බ්ලොග් අවකාශයෙ දිග ගමනක් යන්න මගෙන් සුබ පෑතුම්

    ReplyDelete
  2. අහා...දැන් හරි වගේ නේද...සුභ පැතුම් මල්ලි...(ඔය මට අක්කා කියපු නිසා).......දිගටම ලියන්න....

    ReplyDelete
  3. ඔන්න ආරම්භයේදිම මගේ සුභ පැතුමත් එක් කරන්නම්. දිගටම ලියමු, අපිත් ඉන්නවනෙ කියවන්න.

    ReplyDelete
  4. නියමයි මචං........... දිගටම ලියන්න සුභ පතනවා ................... !!!!!

    ReplyDelete
  5. ඉන්න අයට තව ඉන්න කෙනෙක් නොවී ඉන්න අය දැකපු නැති කෙනෙක් වෙන්න බලන්න...බ්ලොග් ලිවීමෙදි...
    අරුණි ෂපීරෝ,මාරයා,ටැබූ වැනි ලොකුම අය නොවුනත් තමුන්ට කියල පින්තූරයක් හදාගන්ට ලැබෙන්ට කියල මම පාර්ථනා කරනව....
    මමනම් ලොක්කෙක් නෙවෙයි සොක්කෙක්..

    ReplyDelete
  6. සුබ පැතුම් දිගටම ලියන්න!

    ReplyDelete
  7. @හිම හංසි - බොහොම ස්තුතියි නංගියෝ සුභ පැතුම් වලට..
    ඔයා සුබෝධ ගේ බ්ලොග් එක කියෙව්වද? එයාටත් වෙලාව නෑ.එකයි වැඩිය මුකුත් ලියන්නේ නැත්තේ..

    @සිනි අක්කා - ඔව් ඔව් එක එහෙමම හදාගත්තා.මම වැඩි වැඩ දන්නේ නෑනේ. :D
    ස්තුතියි..

    @කසුන් අයියා - ගොඩක් ස්තුතියි මේ පැත්තේ ඇවිත් මාව දිරිගන්වුවාට..ඔයාගේ බ්ලොග් එකත මං නිතරම කියවනවා..

    @The Lion - ස්තුතියි මචෝ...දිගටම එන්න මේ පැත්තට..

    @Indi - ගොඩක් ස්තුතියි මේ පැත්තේ ඇවිත් වටිනා දේවල් කිව්වට..මගේ බ්ලොග් එක වෙන කාගේ හරි ශෛලියක් අනුගමනය කරනවා වගේ පේනවද??

    @ නදී - ගොඩක් ස්තුතියි..දිගටම එන්න..

    ReplyDelete
  8. ඔන්න කොහෙන්දෝ පාරක් දැකලා අපිත්ත් ආවා. දිගටම ලියන්න ශක්තිය වගේම හෝ ගාලා අදහස් ගලාන එන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා අයියට/මල්ලියට....!!!!!

    සුභ පැතුම්...!!!! අපිත් පුලු පුලුවන් වෙලාවට මේ පැත්තට පැනලා යන්නත් එන්නම්කෝ..........

    ReplyDelete
  9. සුභ පැතුම් සහෝ.......දිගටම ලියපන් මචං........

    ReplyDelete
  10. මම හැමදාමත් ඇවිත් ගියා ඒත් එක පෝස්ට් එකක්වත් තිබුනේ නෑනේ.. හෙ හෙ... දිගටම ලියන්න මල්ලියා.
    අම්මා ගැන නම් කියන්න වචන නෑ. අම්ම කෙනෙක් කියන්නේ මිහිබට සුරංගනාවක් කියලයි මම නම් හිතන්නේ..

    ReplyDelete
  11. @හා පැටික්කි - පොස්ට් එක කියවන්න ආවට ගොඩක් ස්තූතියි..දිගටම එන්න..
    ඔයා අක්කද නoගිද කියල මාත් දන්නෙ නෑ.ඒත් student කියල තිබුන නිසා නoගි වෙන්නැති ..:))

    @මකුළුවා - ස්තූතියි මචෝ...

    @ප්‍රාර්ථනා අක්කා - ඔව් ඉඳල ඉඳල ලියන්න පටන් ගත්තනේ..බලමු ඉතින් තියෙන වැඩ අස්සෙ පුලුවන් විදියට හැමදාම ලියනවා..:))
    ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  12. මගෙනුත් උණුසුම් සුබ පැතුම් සහෝදරයා.. ලියන්න.. කියවන්න අදහස් දක්වන්න අපි බලාන ඉන්නවා..
    ආරම්භක ලිපිය ඉතාම ලස්සනයි.. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට මගෙනුත් ආසිරි!

    ReplyDelete
  13. @යසයා - බොහොම ස්තුතියි සහෝ..පුළුවන් වෙලාවට මේ පැත්තේ ඇවිත් යන්න එන්න.ඉඩ තියෙන විදියට ලියන්න උත්සහ කරනවා.

    ඔන්න මාත් ඔබේ බ්ලොග් එක පස්සෙන් පන්නවා හොඳේ?? :)

    ReplyDelete
  14. හොදයි හොදයි.. ලස්සන අදහස් තියෙන කට්ටිය හැමදාමත් එකතු වෙනවා කියනවනෙ. ඔන්න මමත් ෆලෝ පාරක් දැම්මා.. ඉස්සෙල්ලා අමතක උනා නෙව ෆලෝ කොරල යන්ට.. බ්ලොගයෙ නම ගැනත් කියන්ට ඕනි.. ලස්සනම ලස්ස්නයි.. ලොකු ගැබුරු අර්ථයක් තියේ..

    ReplyDelete
  15. හොඳයි හොඳයි..නම ගැන නම් ඉතින් ගොඩක්ම හිතුවේ නෑ.ඒත් ගැඹුරු අර්ථයක් තියෙන්න ඕන කියලා හිතුනා.

    ReplyDelete
  16. මම නම් අද තමයි මේ පැත්තේ ආවේ..බ්ලොග් එකේ නමත් ලස්සනයි...ඔන්න ෆලෝ පාරකුත් දැම්මා ඒක නිසා එන්නත් ලේසියිනේ :)
    දිගටම ලියන්න :) :)

    ReplyDelete
  17. මගෙනුත් සුබ පතුම් එකතු කරනවා....!!!දිගටම ලියන්න.අපි කියවනවා.:) මම කලිනුත් ආවා බ්ලොග් එක කියවන්න. එත් මුකුත් ලියලා තිබුනෙ නෑ.......බ්ලොග් එකේ නමත් ලස්සනයි නමට ගෑලපෙන විදියට පළමුවෙනි පොස්ට් එක කරලා තියෙනවා.

    ReplyDelete
  18. @chamma - දිගටම එන්න යාළුවා..පුළුවන් තරම් ලියන්න බලන්නම්.වෙලාව ප්‍රශ්නයක් නොඋනොත් එල.නම ලස්සනයිද? තැන්කු හොඳේ?

    @Sanduni - ගොඩක් ස්තුතියි.දිගටම එන්න මේ පැත්තේ.. මං කලින් අඳුරන යාලුවෙක්ට කියල පළවෙනියටම ආවේ ඔයා තමයි.:)

    ReplyDelete
  19. සමා වෙන්න මිත්ත්‍රයා,මෙතරම් කල් ගත්තාට සුභ පතන්න.
    KEEP GOING තමයි කියන්න තියෙන්නෙ.
    FREE වෙන විදියට කියවල අදහස් දක්වන්නම්.

    ReplyDelete
  20. ම්ම් දැන් ඔන්න මට ආගන්තුකයන්ව පැටලෙනවා අයියෙ.ඔයා ඉස්සෙල්ලා හිටපු ආගන්තුකයද?නැත්තම් වෙන කෙනෙක්ද?කොහොමද මම හොයාගන්නෙ?කවුරු උනත් සුබ පැතුම්.එන්න දිගු ගමනක් යන්න

    ReplyDelete
  21. අහ්... මගෙනුත් සුභ පැතුම් ඔන්න... දිගටම ලියාගෙන යන්න.. අපි එන්නම් කියවන්න...:)

    ReplyDelete
  22. සුභපැතුම්! යාළු දිගටම ලියන්න. අපි එන්නම් බලන්න. මාත් අහම්බෙන් මේ බොලොග් ලියන්න පටන් ගත්තේ. කවදාවත් නොදැකපු යාළුවන්ගෙන් ලැබුණු සහයෝගය නිසා තමා තාමත් මේ විදියට ලියන්න පුලුවන්.

    ReplyDelete
  23. දිගටම ලියන්න... දේව්දාස් ගෙන් සුභ පැතුම්... ඔන්න දේව් දිගටම එනවා...

    දේව්දාස්

    ReplyDelete
  24. @JIS - ගොඩක්ම ස්තුතියි යාළුවා...කලින්ම දාන්න අඳුරන යාලුවෙක් මෙහෙම කමෙන්ට් කරාම මාර හැපී..:))

    @කඩේ හාමිනේ නංගියා - ගොඩක් ස්තුතියි නංගියෝ මේ පැත්තේ ඇවිත් දිරිමත් කලාට...ඔන්න ආගන්තුකයන්ව ටපලෙන නිසා මං ගිනි කුරුල්ලා උනා හොදේ?? :D :D
    මේ..ඔයාගෙ නමට නම් මං එච්චාර කැමති නෑ හොදේ?')

    @ හිතුවක්කාරී - ගොඩක් ස්තුතියි සහෝදරි..දිගටම එන්න...ඔයාගේ සමනලී ගැන කතාවත් ඉක්මනට දාන්න හොදේ?

    @අයේෂා- මාත් කියවලා රහ වැටුන නිසාමයි මෙහෙම ලියන්න ආවේ.නැතුව මහා ලොකු හැකියාවක් තියෙන නිසා නෙවෙයි..:)
    ගොඩක් ස්තුතියි..දිගටම එන්න..

    @දේවදාස් - මාතර පැත්තේ සහෝදරියෙක් බව අදනේ දැනගත්තේ..
    දිගටම එන්නකෝ..:)ස්තුතියි සුභ පැතුම් වලට..

    ReplyDelete
  25. ම්ම මීට කලින් මේ පෝස්ට් එක කියවලා තියනවා වගේ මතකයි.. ඒ කියන්නෙ කලිනුත් මම ඇවිත් ද??? මම ඔයාගෙ බ්ලොග් එකටත් සුබ පතන්නම ඕනනේ.. ඔයා ආපු පාර දිගේ ඔන්න මම ආවා. අලුතින් ලියන්න.. කියවන්න එන්නම්.

    ReplyDelete