ආදරය..........! කවද කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක්ද?
කෙනෙක් කියයි "ආදරය හරිම සුන්දරයි, ආදරේ නැතිතැන ජීවිතයකුත් නෑ" කියල. ඇත්ත! පුංචි කාලේ ඉඳල කෙනෙක් ලොකු මහත් වෙලා අන්තිමේ පොලවට පස් වෙනකම්ම හැම කෙනෙක්ම කොච්චර ආදරේ ලබනවද?...
මුලින්ම අම්ම තාත්ත, සහෝදර සහෝදරියෝ, ඊට පස්සේ නෑදෑයෝ, යාළුවො,... තවත් ටික කාලෙකින් තමන්ගේ ජීවිතේට ඉතා සුවිශේෂ වුන අදරවන්තියක් හෝ ආදරවන්තයෙක්ගෙන ලබන ආදරේ..තවත් ටික කාලෙකින් තමන්ගේම දරුවෝ,,
මේ හැම තැනකම තියෙන්නේ ජිවිතේ ජිවත් කරවන ආදරේ.....
මේ දේවල් ටික ඔහේ කියාගෙන ගියේ කල්පනා කරද්දී ආපු හැඟීම් නිසා.. ආදරයේ සුවිශේෂත්වය දැනුන මොහොතක..
පුරා වසරක් මා සමග අත්වැල් බැඳ ආදරය,දුක,සතුට,සිනහව,කඳුල... හැමදෙයක්ම රඳවාගෙන පැමිණි එක් සුවිශේෂී අයෙකු වෙනුවෙන් මේ සිතුවිල්ල ආදරයෙන් පුද කර සිටිමි! :)
සොඳුරු සිනහවෙන් මුවග සරසා..
කෙමෙන් පා තබා මා වෙත..
පැමිණියා නුඹ මදකුදු පමානොව..
ඝන අන්ධකාරයෙන් වෙලෙමින් තිබූ...
නිහඬ නිසල ජිවිත නිවහන...
එලිය කරා නුඹ එක් රාත්රියක..
සදා නොවෙනස් බැඳීම් ගොන්නක්..
මා වෙත තබා නිහඬවම..
බලා සිටියා නුඹ වසාගත් දෙනෙතින්...
සුපුරුදු සිනහවෙන් මා සනසා..
ආදරෙයි මං හැමදාමත්...
<3
සුබ පතනව බ්ලොග් අවකාශෙ දිග ගමනක් යන්න!
ReplyDeleteඑයාව නැති කරගන්න එපා ;)
බොහොමත්ම ස්තුතියි!
Deleteදිගටම එන්න..:)
ඔන්න මගෙනුත් සුභ පැතුම්..
ReplyDeleteබොහොම ස්තුතියි අයියා.. :)
Deleteසුභම සුභ පැතුම්.....!!!!!!
ReplyDeleteබොහොම ස්තුතියි නංගා ..:)
Deleteසුභ පැතුම් මගෙන්!!! හැමදාම ඔය අඅදරේ තව තවත් වැඩිවෙලා ජීවිත කාලෙ පුරාවටම ඔයා ළගම රැඳෙවා කියලා ප්රාර්ථනා කරනවා..
ReplyDeleteබොහොම ස්තුතියි නංගෝ..:)
Deleteමගෙනුත් සුභ පැතුම්.....
ReplyDeleteබොහොම ස්තුතියි ..:)
Deleteමල්ලිද අයියද දන්නෑ.. දිගටම එන්න.
(සුභ පතන්න පරක්කු උනා...) මං අයියට මුළු හදවතින්ම සුභ පතනවා.... බ්ලොග් අවකාශයේත් දිගු ගමනක් යන්න සුදු අයියට පුළුවන් වේවි... මුළු ජිවිත කාලෙම ඔහොම සතුටින් ඉන්න <3 <3 <3
ReplyDeleteගොඩාක් ස්තුතියි චුටි නංගියෝ.. <3 මාත් ආදරෙයි හැමදාමත්
Delete